“පරාජයෙන් පසු සමහරු කාර් සමාගම් මිලදී ගත්තා – පැමිණිල්ලට ප්‍රතිචාරත් නැහැ” – මහින්දානන්ද

Date:

2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් අනතුරුව ඇතැම් නිළධාරීන්ගේ ක්‍රියාකලාපය සැක සහිත බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව පාවා දුන් බවට ඔහු විසින් ඊයේ කළ ප්‍රකාශය තවදුරටත් තහවුරු කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍යරවයා මේ බව සදහන් කළේ Daily Mirror පුවත්පතට අදහස් දක්වමින්.

අවසන් තරගය පරාජයට පත් වීමෙන් පසුව ඇතැම් නිළධාරීන් වාහන සමාගම් මිලදී ගත් බවත්, විවිධ ව්‍යාපාර ආරම්භ කළ බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දෙනවා.

අවසන් මහා තරගය සදහා ක්‍රීඩා කළ කණ්ඩායම තේරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් බරපතල සැකයක් පවතින බවත්, අවසන් මොහොතේ කිසිදු අනුමැතියකින් තොරව ක්‍රීඩකයින් සිව් දෙනෙකු කණ්ඩායමට ඇතුළත් කර තිබූ බවත් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කළා.

අවසන් තරගයේ දී ශ්‍රී ලංකාව සිදු කරන වෙනස්කම් ඉන්දීය පුවත්පතක් පෙර සිටම දැන සිටි බව පෙන්වා දෙන අලුත්ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ තමා ඒ සම්බන්ධයෙන් 2012 වසරේ දී ජගත් ක්‍රිකට් කවුන්සලයට පැමිණිලි කළ බවයි.

නමුත් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...