පාකිස්තාන සුපර් ලීගයේ ඉතිරි තරග ජූනි පළමු වැනිදා සිට

Date:

අතරමගදී අත්හිටුවීමට සිදු වූ මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ලබන ජූනි පළමු වැනිදා ආරම්භ කරන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසනවා.

පැවැත්වීමට නියමිත ඉතිරි තරග 20 කරච්චි හී දී පැවැත්වීමට තීරණය කර ඇති අතර, අවසන් මහා තරගය ජූනි 20 වනදා පැවැත්වීමට නියමිතයි.

පසුගිය මාර්තු 4 වනදා පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය කල් දැමීමට කටයුතු කෙරුණේ තරගාවලියට සම්බන්ධ ක්‍රීඩකයින් සහ නිළධාරීන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

ඒ වන විට පවත්වා තිබුණේ තරග 14ක් පමණයි.

තරගාවලිය සදහා සම්බන්ධ වන සියලු ක්‍රීඩකයින් සහ සෙසු පුද්ගලයින් ලබන මැයි 22 වනදා සිට සතියක කාලයක් නිරෝධායනයට ලක් කිරීමට නියමිත බව සදහන්.

අනතුරුව ක්‍රීඩකයින්ට පුහුණුවීම් කටයුතු සිදු කිරීම සදහා දින 3ක කාලයක් ලබා දී තිබෙනවා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...