කමිල්ගේ ශතකය සහ චාමිකගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ එක්දින ශූරතාවය NCC කණ්ඩායමට

Date:

අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට එන්.සී.සී කණ්ඩායම අද(11) සමත් වුණා.

ඒ, කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගයෙන් රාගම ක්‍රිකට් සමාජය ලකුණු 145කින් පරාජයට පත් කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එන්.සී.සී කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 286ක් ලබා ගත්තා.

කමිල් මිෂාර ලකුණු 113ක් රැස් කලේ හතරේ පහර 9ක් සමගින්.

කවීන් බණ්ඩාර ලකුණු 65ක් සහ නායක ඇන්ජෙලෝ පෙරේරා ලකුණු 61ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඉෂාන් ජයරත්න සහ බිනුර ප්‍රනාන්දු කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාගම කණ්ඩායමට පන්දුවාර 30.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 141ක් පමණයි.

ජනිත් ලියනගේ ලකුණු 42ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න කඩුලු 4ක් සහ ළහිරු කුමාර කඩුලු 3ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...