රිස්වාන් සහ ෆහීම් පාකිස්තානයේ හොදම හඹා යාම සම්පූර්ණ කරයි – Match Report

Date:

පන්දුවාර 20යි 20 ක්‍රිකට් ඉතිහාසයේ සිය හොදම (ඉහළම) හඹා යාම සටහන් කරමින් දකුණු අප්‍රිකාවට එරෙහි පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම අද(10) සමත් වුණා.

ජොහැනස්බර්ග්හි පැවැති තරගය ජය ගැනීම සදහා පාකිස්තානයට ලකුණු 189ක ඉලක්කයක් හිමි වූ අතර, එය කඩුලු 6ක් දැවී සිටියදී පාකිස්තානය පසු කර ගියේ ඉනිම නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදීයි.

මොහොමඩ් රිස්වාන් පන්දු 50කින් නොදැවී ලකුණු 74ක් රැස් කරමින් තරගයේ වීරයා ලෙස ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් ඇතුළත්.

ෆහීම් අශ්රෆ් ලකුණු 30ක් සහ ෆකාර් සමාන් ලකුණු 27ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී බෙයුරන් හෙන්ඩ්‍රික්ස් කඩුලු 3ක් සහ ටබ්රයිස් ශම්සි කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලකුණු 188ක් රැස් කළේ කඩුලු 6ක් දැවී සිටියදීයි.

ඒඩ්න් මාක්‍රම් ලකුණු 51ක් සහ නායක හෙන්රිච් ක්ලාසීන් ලකුණු 50ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී මොහොමඩ් නවාස් සහ හසන් අලී කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 4කින් යුත් 20යි 20 තරගාවලිය මේ වන විට තරග 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ පාකිස්තානයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...