ඩිවිලියස්ගේ සටන්කාමී ඉනිම හමුවේ IPL පළමු තරගයේ ජය අවසන් පන්දුවෙන් RCB කණ්ඩායමට

Date:

හර්ෂාල් පටෙල්ගේ අගනා පන්දු යැවීම හා ඒ.බී. ඩි විලියස්ගේ සටන්කාමී ඉනිම හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා කඩුලු 2ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.

චෙන්නායිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් නායක විරාට් කෝලි පළමුවෙන් පන්දුවට පහර දීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ආරාධනා කළ අතර, ඒ අනුව මුම්බායි පිල නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 8ක් දැවී ලකුණු 159ක් ලබා ගනිමින්.

මෙම තරගයේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් අයි.පී.එල් වරම් දිනා ගත් ක්‍රිස් ලින් ලකුණු 49ක්, සූර්යකුමාර් යාදෙව් ලකුණු 31ක් සහ ඉෂාන් කිෂන් ලකුණු 28ක් රැස් කළා.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ හර්ෂාල් පටෙල් ලකුණු 27ක් පමණක් ලබා දෙමින් කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව අයි.පී.එල් තරගයකදී කඩුලු 5ක් දවා ගැනීමේ දක්ෂතාවයක් දැක් වූ පළමු පන්දු යවන්නා ඔහු වීම විශේෂත්වයක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් කණ්ඩායම ඉනිමේ අවසන් පන්දුවේ දී කඩුලු 8ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 39කට දැවී ගිය අතර, නායක විරාට් කෝලි ලකුණු 33යි.

සටන්කාමී ඉනිමක නිරත වූ ඒ.බී. ඩි විලියස් පන්දු 27කින් ලකුණු 48ක් ලබා සිටියදී දුවද්දී දැවි ගියේ ඉනිමේ අවසන් පන්දුවාරයේ දී යි.

ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා සහ Marco Jansen අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

තරගාවලියේ දෙවැනි තරගය හෙට(10) චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...