ජාතික ක්‍රීඩකයින් සහ ලෙජන්ඩ්ස් ක්‍රීඩකයින් අතර තරගය ගැන ඩිල්ෂාන් කනගාටුවෙන්

Date:

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ වත්මන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතර පැවැත්වීමට යෝජිත ක්‍රිකට් තරඟය පිළිබද ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ෂාන් සිය අසතුට පල කර තිබෙනවා.

එම තරගය මෙම අවස්ථාවේ පැවැත්වීම නුසුදුසු ක්‍රියාවක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙම තරගය හේතුවෙන් ජාතික කණ්ඩායම නියෝජනය කරන තරුණ ක්‍රීඩකයන්ගේ මානසිකත්වයට බලපෑමක් ඇති විය හැකි බව ඔහුගේ අදහසයි.

එමෙන්ම ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අවශ්‍ය මානසික ශක්තිය ලබාදීම මේ මොහොතේ සිදු කළ යුතු කටයුත්තක් බවයි ඩිල්ෂාන් කියා සිටියේ.

මේ අතර, අදාළ තරගය පිළිබද මේ දක්වා තමන්ට කිසිදු නිල දැනුම් දීමක් සිදුකර නොමැති බව ද තිලකරත්න ඩිල්ෂාන් සදහන් කළා.

මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරණ කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා අවධාරණය කර සිටියේ එම ප්‍රදර්ශනාත්මක 20යි 20 තරගය මැයි 4 වැනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...