නීති උල්ලංඝනය කරමින් තරගය මැද ක්‍රීඩකයෙකු දුරකතන සංවාදයක

Date:

ක්‍රිකට් තරගයක් අතරතුර ක්‍රීඩකයෙකු ක්‍රීඩාංගනයේ දී ම දුරකතන ඇමතුමක් ලබා ගත් පුවතක් ස්විඩනයෙන් වාර්තා වනවා.

ඒ, ස්විඩන්හි ස්ටොක්හෝල්ම්හි පැවැත්වෙන පන්දුවාර 10යි 10 යුරෝපා ක්‍රිකට් තරගාවලිය (European Cricket Series) අතරතුර දී යි.

Alby Zalmi CC සහ Stockholm CC කණ්ඩායම් අතර පැවැති තරගයකදී මෙලෙස දුරකතන ඇමතුමක් ලබා ගෙන ඇත්තේ Alby Zalmi CC කණ්ඩායමේ ක්‍රීඩකයෙකු බව සදහන්.

ඊට අදාළ ඡායාරූපයක් ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගොස් තිබෙනවා.

අයි.සී.සී නීති රීති ප්‍රකාරව තරගයක් අතරතුර දී එවැනි ක්‍රියාවක නිරත වීමට කිසිදු ක්‍රීඩකයෙකුට අවසර ලැබෙන්නේ නැහැ.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුරෝපා ක්‍රිකට් කවුන්සලය විසින් අදාළ ක්‍රීඩකයාට නිල වශයෙන් අනතුරු ඇගවීමක් ද සිදු කර ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...