IPL අරඹන්න දින දෙකකට පෙර RCB කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකුට කොරෝනා

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ඩැනියල් සෑම්ස්ට කොරෝනා වෛරසය (කොවිඩ් 19) ආසාදනය වී තිබෙනවා.

බැංගලෝර් කණ්ඩායම නිවේදනය කළේ ඔහු මේ වන විට සෙසු සාමාජිකයින්ගෙන් හුදෙකලා කර ඇති බවයි.

ඩැනියල් සෑම්ස් පසුගිය 3 වනදා චෙන්නායිහී දී බැංගලෝර් කණ්ඩායම සමග එක් වී තිබුණා.

ඒ, කොරෝනා වෛද්‍ය පරීක්ෂණයකින් සමත් වූ වාර්තාවක් ද සමගින්.

කෙසේ වෙතත්, අනතුරුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණයකදීයි ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට අණාවරණය වී ඇත්තේ.

මීට පෙර එම කණ්ඩායමේ ආරම්භක පිතිකරු දෙව්දත් පඩික්කල්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා.

පසුගිය 22 වනදා ඒ බව අණාවරණය වී තිබූ අතර, ඒ අනුව සති දෙකක කාලයක් ඔහු සිය නිවසේ සිට නිරෝධායනයට ලක් කෙරුණා.

අද(7) දිනයේ දී දෙව්දත් පඩික්කල් සිය කණ්ඩායම සමග එක් වූ බවයි බැංගලෝර් කණ්ඩායම නිවේදනය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...