IPL ආරම්භයට තව දින 2 යි – IPL ඉතිහාසයේ ඉහළම මිළකට අළෙවි වූ ක්‍රීඩකයන් 7 දෙනා මෙන්න

Date:

කොවිඩ් 19 වසංගත රෝගී තත්ත්වය හේතුවෙන් මතුව ඇති විවිධ අභියෝග රැසක් මැද වුව ද ලොව ප්‍රමුඛතම ක්‍රිකට් ප්‍රිමියර් ලීග් තරගාවලිය ලෙස සැළෙකෙන ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ දින දෙකක කාලයක් පමණයි.

එළඹෙන 09 වන දා චෙන්නායිහි චිදම්බරම් ක්‍රීඩා පිටියේදී පසුගියවර ශුරතාවය දිනාගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායම අතර මෙරට වේලාවෙන් පස්වරු 7.30 ට සමාරම්භක තරගය පැවැත්වීමට නියමිතයි.

මේ වසරේදී පැවැත්වෙන 20යි 20 ලෝක කුසලානය ඉන්දියාවේදී පැවැත්වෙන බැවින් බොහෝ රටවල් සිය ප්‍රබල ක්‍රීඩකයන් කිසිදු පැකිලීමකින් තොරව IPL තරගාවලියට ක්‍රීඩා කිරීම වෙනුවෙන් නිදහස් කර තිබෙන ආකාරයක් ද දක්නට ලැබෙනවා.

IPL තරගාවලිය ක්‍රීඩා කිරිමේදී ක්‍රීඩකයන්ට හිමිවෙන සුවිසල් මුදල් ප්‍රමාණය නිසාම සෑම ක්‍රීඩකයකුම පාහේ මෙම තරගාවලියට සහභාගීවීමට දක්වන්නේ වැඩි කැමත්තක්.

IPL තරගාවලි ඉතිහාසය තුළ ක්‍රීඩක වෙන්දේසියකදී ඉහළම මුදලකට අලෙවී වු ක්‍රීඩකයා ද මෙවර වෙන්දේසියේ දී වාර්තා වුණා.

ඒ අනුව IPL තරගාවලි ඉතිහාසයේ ඉහළම මුදලකට අලෙවී වු ක්‍රීඩකයන් 07 දෙනා පිළිබද තොරතුරු ඔබට ගෙන ඒමට අප තීරණය කළා.

(පහත ලේඛණයේ දැක්වෙන ශ්‍රී ලංකා මුදලින් යන අගය වර්ථමාන රුපියලේ අගය මත ගණනය කළ අගයන් බව කරුණාවෙන් සලකන්න)

07. යුවරාජ් සිං – රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් (2014)
අලෙවී වූ මුදල – ඉන්දිය රුපියල් කෝටි 14 යි. එය ශ්‍රී ලංකා මුදලින් කෝටි 37.49 ක පමණ අගයක්.

06. ග්ලේන් මැක්ස්වෙල් – රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (2021)
හිමිවූ ලංසුව ඉන්දිය රුපියල් කෝටී 14.25 ක්. එය ශ්‍රී ලංකා මුදලින් කෝටී 38.16 ක පමණ අගයක්.

05. බෙන් ස්ටොක්ස් – රයිසින් පූනේ සුපර්ජයින්ට් (2017)
හිමිවූ ලංසුව ඉන්දීය රුපියල් කෝටී 14.50 ක්. ශ්‍රී ලංකා මුදලින් එය කෝටී 38.83 ක පමණ අගයක්.

04. ක්යිල් ජමිසන් – රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (2021)
හිමිවූ ලංසුව ඉන්දිය රුපියල් කෝටි 15 ක්. ශ්‍රී ලංකා මුදලින් එය කෝටි 40.17 ක පමණ අගයක්.

03.පැට් කමින්ස් – කොල්කටා නයිට් රයිඩර්ස් (2020)
හිමිවූ ලංසුව ඉන්දිය රුපියල් කෝටි 15.5 ක්. ශ්‍රී ලංකා මුදලින් එය කෝටි 41.50 ක පමණ අගයක්.

02. යුවරාජ් සිං – දිල්ලි ඩෙයාඩෙවිල්ස් (2015)
හිමිවූ ලංසුව ඉන්දිය රුපියල් කෝටි 16 ක්. ශ්‍රී ලංකා මුදලින් එය කෝටි 42.84 ක පමණ අගයක්.

01. ක්‍රිස් මොරිස් – රාජස්ථාන් රෝයල්ස් (2021)
හිමිවූ ලංසුක ඉන්දිය රුපියල් කෝටී 16.25 ක්. එය ශ්‍රී ලංකා මුදලින් කෝටි 43.51 ක පමණ අගයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...