ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ටත් කොරෝනා එන්නත්

Date:

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ලබන ඉරිදා(11) දිනයේ දී කොරෝනා වෛරසයට (කොවිඩ් 19) එරෙහි එන්නත ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

එහි පළමු මාත්‍රාව මෙලෙස කොළඹ දී ලබා දීමට සැලසුම් කර ඇති බව සදහන්.

දෙවන මාත්‍රාවට අදාළ එන්නත ද තවත් මාස දෙකකින් හෝ තුනකින් පමණ ක්‍රීඩකයින්ට ලබා දෙනු ඇති.

ටෙස්ට් සහ සීමිත පන්දුවාර තරග ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ජාතික සංචිතයේ ක්‍රීඩකයින්ට අමතරව සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින්ට ද එන්නත් කිරීම ලබන ඉරිදා සිදු කිරීමට නියමිතයි.

ඉන්දියාවේ නිෂ්පාදනය කරන ඇස්ට්‍රාසෙනෙකා (astrazeneca) එන්නත මෙලෙස ඔවුන්ට ලබා දෙනු ඇති.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කොදෙව් තරග සංචාරය නිමා කර දිවයිනට පැමිණ ඇති අතර, ඔවුන් සහභාගී වන මීළග තරගාවලිය බංග්ලාදේශයට එරෙහිව ලබන 21 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...