ලුවිස්ගේ කොන්ත්‍රාත් කාලය ශ්‍රී ලංකා තරගාවලිය අවසන් වන තුරු දීර්ඝ කෙරේ

Date:

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශක ජෝන් ලුවිස්ගේ කොන්ත්‍රාත් කාලය ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය අවසන් වන තුරු දීර්ඝ කර තිබෙනවා.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී Nizamuddin Chowdhury මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ බව තහවුරු කළා.

ජෝන් ලුවිස් එරට පිතිකරණ උපදේශක ලෙස පත් කරනු ලැබුවේ නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් සහ නවසීලන්ත තරගාවලි අරමුණු කර ගනිමින්.

අදාළ ධූරයට ක්‍රෙයිග් මැක්මිලන් පළමුව පත් කර තිබුණ ද ඔහු පෞද්ගලික හේතුවක් මත එම ධූරය භාර නොගැනීමට පසුව තීරණය කළා.

නෙයිල් මැකෙන්සි ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ඇති වූ පුරප්පාඩුව වෙනුවෙනුයි ක්‍රෙයිග් මැක්මිලන් පිතිකරණ උපදේශක ධූරයට පත් කිරීමට තීරණය කර තිබුණේ.

මැක්මිලන් ධූරය භාර නොගැනීම නිසා ජෝන් ලුවිස් අදාළ ධූරයට පසුව පත් කෙරුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...