ක්‍රිකට් විනිසුරුවන් 18 කට වාර්ෂික කොන්ත්‍රාත්තු

Date:

ක්‍රිකට් තරග විනිශ්චය කටයුතු සඳහා පූර්ණ කාලීනව කැප වී සිටින පළමු පෙළ ක්‍රිකට් විනිසුරුවන් 18 දෙනෙකු සමඟ වාර්ෂික කොන්ත්‍රාත්තුවකට එළැඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

ගිවිසුම්ගත විනිසුරුවන්ට පසුගිය 31 වනදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ දී පත්වීම් ලිපි ප්‍රදානය සිදු කළ බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විනිසුරුවරුන් වෙනුවෙන් කොන්ත්‍රාත්තු ලබා දුන් පළමු අවස්ථාව මෙයයි.

මෙම කොන්ත්‍රාත් ලබාදීම කාණ්ඩ 3 ක් යටතේ සිදු කර තිබෙනවා.

එහිදී ජාතන්තර තලයේ පසුවන විනිසුරුවන් සිවු දෙනෙකු, නැගී එන කාණ්ඩයේ විනිසුරුවන් හය දෙනෙකු සහ පළමු පෙළ විනිසුරුවරුන් අට දෙනෙකු මේ සඳහා සුදුසුකම් සපුරා සිටි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් සහ ප්‍රගීත් රඹුක්වැල්ල ජාත්‍යන්තර කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කොන්ත්‍රාත් ගත වූ බව සදහන්.

කීර්ති බණ්ඩාර, දීපාල් ගුණවර්ධන, අසංග ජයසූරිය, හේමන්ත බොතේජු, රෝහිත කොට්ටහච්චි සහ රවීන්ද්‍ර කොට්ටහච්චි කොන්ත්‍රාත් ගතව ඇත්තේ නැගී එන කාණ්ඩය යටතේයි.

රැන්මෝ මාටිනස්, ගාමිණී දිසානායක, ප්‍රදීප් උඩවත්ත, නිලාන් ද සිල්වා, කපිල කොට්ටහච්චි, සුසන්ත දිසානායක, විදුර ප්‍රසාද් සහ සිසිර පෙරේරා පළමු පෙළ කාණ්ඩය යටතේ කොන්ත්‍රාත් ගතව තිබෙනවා.

(මූලාශ්‍රය – ශ්‍රී ලංකා ක්‍රිකට් / SLC)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...