ඩී කොක් වරදකරුද? ෆකාර්ගේ දැවී යාම ගැන සංගාගේ MCCයෙන් නිවේදනයක්

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී පාකිස්තානයේ ෆකාර් සමාන් ලකුණු 193කට දුවද්දී දැවී යාමේ සිද්ධිය මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගෙන තිබෙනවා.

බොහෝ පාර්ශව මෙම සිදුවීමේ දී දකුණු අප්‍රිකානු කඩුලු රකින ක්‍රීඩක ක්වෙන්ටන් ඩී කොක්ට චෝදනා එල්ල කරන්නේ ඔහු සිතාමතා ෆකාර් සමාන් රැවටීමට ලක් කර ඔහුව දුවද්දී දවා ගැනීමට කටයුතු කළ බවටයි.

සැබවින්ම ඔහු එවැන්නකට උත්සාහ දැරුවේද? මෙවැනි අවස්ථාවක පවතින නීතිමය තත්ත්වය කුමක්ද?

ක්‍රිකට් නීති භාරකරුවා වන කුමාර් සංගක්කාර සභාපතිධූරය දරන එම්.සී.සී හෙවත් මාරිලිබෝන් ක්‍රිකට් සමාජය විසින් මෙම දැවී යාම සම්බන්ධයෙන් අදහස් පල කර තිබෙනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ එය සිතාමතා කළ ක්‍රියාවක්දැයි තීරණය කිරීම විනිසුරුවන් විසින් තීරණය කළ යුතු බවයි.

41.5.1 නීතියට අනුව “පිතිකරුවාට පන්දුව ලැබුණු පසු ඕනෑම පන්දු රකින්නෙකු වචනයෙන් හෝ ක්‍රියාවෙන් පිතිකරුවෙකුගේ අවධානය වෙනතකට යොමු කිරීමට, රැවටීමට හෝ බාධා කිරීමට හිතාමතාම උත්සාහ කිරීම අසාධාරණය.” යනුවෙන් සදහන් වන බව එම්.සී.සීය සදහන් කරනවා.

ඒ අනුව පිතිකරුවා රැවටීමට හසු කර ගැනීම සදහා උත්සාහ කිරීම වරදක් බවත්, එවැනි වරදක් සිදු කළේ ද යන්න විනිසුරුවන් විසින් තීරණය කළ යුතු බවත් මාරිලිබෝන් ක්‍රිකට් සමාජය නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සදහන්.

එය එසේනම් අදාළ දැවී යාම දැවී යාමක් නොවන බවත්, පිතිකරණ කණ්ඩායමට දඩුවම් ලකුණු 5ක් ප්‍රදානය කළ යුතු බවත්, දිව ගිය ලකුණු දෙකද පාකිස්තානයට හිමි වන බවත්, එම්.සී.සීය පෙන්වා දෙනවා.

මෙම තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 17ක ජයක් වාර්තා කළ අතර, ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-1ක් ලෙස මේ වන විට කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...