ශඩාබ් ඛාන්ට දකුණු අප්‍රිකාවට එරෙහි ඉදිරි තරග අහිමි වෙයි

Date:

ආබාධයකට ලක් වූ පාකිස්තාන පා දග පන්දු යවන ක්‍රීඩක ශඩාබ් ඛාන්ට දකුණු අප්‍රිකා තරග සංචාරයේ ඉදිරි තරග සහ එළඹෙන සිම්බාබ්වේ තරග සංචාරය ද අහිමි වී තිබෙනවා.

නිමා වූ දෙවැනි එක්දින තරගයේ පිතිකරණයේ නිරත වෙමින් සිටියදීයි ඔහුගේ වම් පාදයේ ඇගිල්ලක් ආබාධයකට ලක් වුණේ.

ඒ හේතුවෙන් ඔහුට සති 4ක පමණ කාලයක් විවේක ගැනීමට උපදෙස් ලැබී ඇති බව සදහන්.

මෙම වසර මුලදී ද ඔහු පාදයේ ආබාධයකට ගොදුරු වූ අතර, ඒ හේතුවෙන් ශඩාබ් ඛාන්ට නවසීලන්ත ටෙස්ට් තරගාවලිය මෙන්ම පාකිස්තානයේ දී පැවැති දකුණු අප්‍රිකාවට එරෙහි තරග ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

දකුණු අප්‍රිකාවට එරෙහි නිමා වූ පළමු එක්දින තරග දෙකේදී ම ඔහුට කඩුලු දවා ගැනීමට නොහැකි වුවද, පිතිකරණයේ දී පිළිවෙලින් ලකුණු 33ක් සහ 13ක් රැස් කිරීමට ඔහු සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...