ක්‍රිකට් පරිපාලනයට පංච පුද්ගල කමිටුවක් ඇමති නාමල් පත් කරයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සිදු කිරීම සදහා කළමණාකරණ කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙනවා.

ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ද මේ වන විට නිකුත් කර ඇති අතර, ඒ අනුව මෙම කළමණාකරණ කමිටුව මැයි 20 වනදා පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිළවරණය තෙක් වලංගු වනු ඇති.

අප්‍රේල් 6 වැනිදා සිට බලපැවැත්වෙන පරිිදි මෙම කමිටුව පත් කර ඇති බව සදහන්.

පංච පුද්ගල කළමණාකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පත් කර තිබෙනවා.

ලේකම්වරයා ලෙස ඈෂ්ලි ද සිල්වා මහතා ද, භාණ්ඩාගාරිකවරයා ලෙස සුජීව මුදලිගේ මහතා ද පත් කර ඇති අතර, නීතිඥ උචිත වික්‍රමසිංහ මහතා පත් කර ඇත්තේ කමිටු සාමාජිකයෙකු ලෙසයි.

අමල් එදිරිසූරිය මහතා නිරීක්ෂකවරයෙකු ලෙස පත් කර තිබෙනවා.

ගැසට් නිවේදනය පහතින් –

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...