“Umpire’s Call” සංශෝදනය කිරීමට ICC අනුමැතිය

Date:

කඩුල්ල මුවා කිරීමේ වරදට (LBW) අදාළව විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය යොදා ගැනීමේ දී ඊට අදාළ නීති සංශෝදනයක් සිදු කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය කටයුතු කර තිබෙනවා.

විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදයේ දී මෙතෙක් සලකා බැලුණු කඩුල්ලේ උස ප්‍රමාණය අයි.සී.සී ක්‍රිකට් කමිටුවේ නිර්දේශ මත තවදුරටත් ඉහළ නැංවීමටයි මෙහිදී තීරණය කර ඇත්තේ.

මීට පෙර කඩුල්ලේ උස සීමාව ලෙස තීරණය කෙරුණේ කඩුල්ලට යොදා ගන්නා බෙල්ස්හි (bails) පහත සීමාවයි.

කෙසේ වෙතත්, නව නීති ප්‍රකාරව එය බෙල්ස්හි ඉහළ සීමාව දක්වා ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදයේ දී පන්දුව කඩුල්ලේ වදින බවට එනම් “hitting” අවස්ථාවක් ball-tracking තාක්ෂණය ඔස්සේ හදුනා ගනු ලැබීමේ දී ඊට යොදා ගන්නා කඩුලු කලාපය මෙහිදී තවදුරටත් වැඩි වනු ඇති.

පිටියේ විනිසුරු ලබා දුන් තීරණයම ස්ථීර කරන අවස්ථාවක් හෙවත් Umpire’s Call අවස්ථාවක් ball-tracking තාක්ෂණය ඔස්සේ හදුනා ගන්නා ආකාරය මෙම නව නීතියත් සමග වෙනස්වන අතර, ඒ අනුව බෙල්ස්හි ඉහළ සීමාව පන්දුවෙන් භාගයක් ස්පර්ශ නොවන්නේනම් එය Umpire’s Call අවස්ථාවක් ලෙස ඉදිරියේ දී සලකණු ලබනවා.

මීට පෙර බෙල්ස්හි පහළ සීමාව පන්දුවෙන් භාගයක් ස්පර්ශ නොවන්නේනම් එය Umpire’s Call අවස්ථාවක් ලෙසයි සළකනු ලැබුවේ.

Umpire’s Call අවස්ථාව පිළිබද බොහෝ දෙනෙකු එතරම් සුබවාදී ප්‍රතිචාරයක් නොදක්වන බවක් දක්නට ලැබෙන අතර. පසුගියදා ඉන්දීය නායක විරාට් කෝලි ද ඒ සම්බන්ධයෙන් සිය අසතුට පල කර තිබුණා.

කෙසේ වෙතත්, Umpire’s Call අවස්ථාව තවදුරටත් පවත්වා ගෙන යාමටයි අනිල් කුම්බ්ලේගේ සභාපතිත්වයෙන් යුත් අයි.සී.සී ක්‍රිකට් කමිටුව පියවර ගෙන ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...