දිල්ලි කැපිටල්ස් නායකත්වයේ වෙනසක්

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකයා ලෙස රිෂාබ් පාන්ට් පත් කර තිබෙනවා.

ඒ, නිත්‍ය නායක ෂ්රෙයස් අයියර් ආබාධයකට ලක්වීම නිසා මෙවර තරගාවලියට ක්‍රීඩා නොකරන බැවින්.

නිමා වූ ඉන්දු – එංගලන්ත එක්දින තරගාවලිය අතරතුර දී යි ඔහුගේ වම් උරහිසෙහි ආබාධයක් ඇති වුණේ.

ෂ්රෙයස් අයියර්ගේ නායකත්වය යටතේ දිල්ලි කණ්ඩායම පසුගිය තරග වාරයේ දී ඉහළ සාර්ථකත්වයක් දැක් වූ අතර,  තරගාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට ද ඔවුන් සමත් වුණා.

රිෂාබ් පාන්ට් මීට පෙර කිසිදු අයි.පී.එල් තරගයකදී කණ්ඩායමක් මෙහෙයවා නැහැ.

මෙවර අයි.පී.එල් තරගාවලිය, එනම් අයි.පී.එල් තරගාවලි ඉතිහාසයේ 14 වන අදියර ලබන 9 වනදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...