ශ්‍රී ලංකාව ලකුණු 218ක් පිටුපසින් – Day 2 Report

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය මෙරට වේලාවෙන් අද(31) අලුයම නිමා වුණේ තරගයේ වැඩි ගෞරව තවදුරටත් කණ්ඩායම් දෙකටම හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 136ක් ලබා සිටි අතර, ඒ අනුව ඔවුන් මේ වන විට කොදෙව් පළමු ඉනිමට වඩා පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 218ක්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින දිනේෂ් චන්දිමාල් ලකුණු 34ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 23ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඉනිම ආරම්භ කළ නායක දිමුත් කරුණාරත්න එක් ලකුණකට දැවී ගිය අතර, ළහිරු තිරිමාන්න සිය 9 වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 55කට දැවී ගියා.

ඔහු මෙවර තරගාවලියේ ක්‍රීඩා කළ ඉනිම් තුනේ දී ම මේ වන විට අර්ධ ශතක වාර්තා කර තිබීම විශේෂත්වයක්.

ඕෂද ප්‍රනාන්දු ලකුණු 18යි.

පන්දු යැවීමේ දී කෙමා රෝච්, අල්සාරි ජෝෂප් සහ ක්යල් මේයර්ස් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩාමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව්වන් සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 354ක්.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් සිය 9 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 126කට දැවී ගියේ හතරේ පහර 13ක් ඉනිමට එක්කරමින්.

රහ්කීම් කෝන්වෝල් ලකුණු 73ක්, ක්යිල් මේයර්ස් ලකුණු 49ක් සහ ජේසන් හෝල්ඩර් ලකුණු 30ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සුරංග ලක්මාල් කඩුලු 4ක් සහ දුෂ්මන්ත චමීර කඩුලු 3ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...