6,6,6,6,6,6 – තිසරගෙන් පිට පිට හයේ පහර 6ක්

Date:

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා අද(28) එක් පන්දුවාරයකදී හයේ පහර 6ක් එල්ල කිරීමට සමත් වුණා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කර ඇති ප්‍රධානතම අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජයට එරෙහි තරගයේ දී යි.

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන තිසර පෙරේරා මෙම තරගයේ දී පන්දු 13කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර, ඔහු පන්දු 13කින් ලකුණු 52ක් ලබා ගත්තේ හයේ පහර 8ක් සමගින්.

පන්දුවාර 41කට සීමා වූ තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් යුද හමුදා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 318ක් ලබා ගත්තා.

තිසර පෙරේරා හයේ පහර 6ක් එක් පන්දුවාරයකදී එල්ල කිරීමට සමත් වුණේ ඉනිමේ අවසන් පන්දුවාරය වූ 41 වන පන්දුවාරයේ දී යි.

එම පන්දුවාරය යවනු ලැබුවේ දිල්හාන් කුරේ විසින්.

ඔහු පන්දුවාර 4ක් යැවූ අතර, එහිදී ලකුණු 73ක් වාර්තා කිරීමට ප්‍රතිවාදී පිතිකරුවන් සමත් වුණා.

මෙම තරගයේ දී යුද හමුදා ඉනිම වෙනුවෙන් අශාන් රන්දික සහ හිමාෂ ලියනගේ ශතක වාර්තා කිරීමට සමත්වීම ද කැපී පෙණුනා.

අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මෙම තරගය ජය පරාජයකින් තොරවයි නිමා වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...