නිවසේ පිරිසිදු කිරීමකදී වූ අනතුරක් නිසා ආචර්ට ශල්‍යකර්මයක්

Date:

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර් ශල්‍යකර්මයකට මුහුණ දීමට නියමිත බව එරට ක්‍රිකට් ආයතනය පවසනවා.

ඔහුගේ දකුණු අතෙහි මෙම ශල්‍යකර්මය සිදු කිරීමට තීරණය කර ඇත්තේ සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුවයි.

කෙසේ වෙතත්, ඉන්දියාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ඔහුට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූයේ මෙම ආබාධය හේතුවෙන් නොවන බව ද සදහන්.

ඉන්දීය සංචාරයට එක්වීමට පෙර නිවසේ පිරිසිදු කිරීමේ කටයුත්තකදී ඔහුගේ අතෙහි කැපුමක් සිදුව තිබූ අතර, ඒ හේතුවෙනුයි මෙම ශල්‍යකර්මය සිදු කිරීමට සිදුව ඇත්තේ.

මීට පෙර එංගලන්ත පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් කියා සිටියේ ජොෆ්ර ආචර්ට අයි.පී.එල් තරගාවලියේ අවසන් භාගයේ තරග සදහා හෝ ක්‍රීඩා කළ හැකි වනු ඇත්දැයි ඉදිරියේ දී තීරණය කරන බවයි.

කෙසේ වෙතත්, මෙම ශල්‍යකර්මය හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ඔහුගේ සහභාගීත්වය තවදුරටත් අවිනිශ්චිත වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...