කණ්ඩායම් 3යි – එක් තරගයයි – පන්දුවාර 36යි – දකුණු අප්‍රිකාවෙන් නව තරග ක්‍රමයක්

Date:

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසින් නව ක්‍රිකට් තරගයක් හදුන්වාදී තිබෙනවා.

සහයෝගීතා කුසලානය ලෙස පැවැත්වෙන මෙම තරගයේ විශේෂත්වය වන්නේ ඒ සදහා කණ්ඩායම් 3ක් සහභාගී වීමයි.

ලබන මස මුලදී එරට දේශීය තරග ආරම්භ කිරීමේ පෙරහුරුවක් වශයෙන් මෙම තරගය සංවිධාන කර ඇති අතර, එය ලබන 27 වනදා සෙන්චූරියන්හී දී පැවැත්වෙනු ඇති.

තරගයට එක්වන කණ්ඩායම් තුනේ නායකත්වය ඒ.බී.ඩි විලියස්, කාගිසෝ රබාඩා සහ ක්වෙන්ටන් ඩී කොක් විසින් දරන බවයි දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මෙම තරගයේ දී එක් කණ්ඩායමක් සදහා ක්‍රීඩකයින් 8 දෙනෙකු ක්‍රීඩා කරන අතර, සමස්ත තරගය පන්දුවාර 36කට සීමා වනවා.

එක් කණ්ඩායමක් සදහා ලැබෙන පන්දුවාර සංඛ්‍යාව 12ක් වන නමුත් සමස්ත තරගය අර්ධ දෙකක් ලෙස ක්‍රියාත්මක වනවා.

එබැවින් තරගයේ දී කණ්ඩායමකට පන්දුවාර 6 බැගින් අවස්ථා දෙකක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වනු ඇති.

කණ්ඩායමේ 7 වන කඩුල්ල දැවී ගිය ද, අවසන් පිතිකරුවාට තනිව පිතිකරණයේ නිරත වීමේ අවස්ථාව හිමි වීම ද මෙම තරගයේ ඇති තවත් සුවිශේෂීතාවයක්.

මෙම තරග ආකෘතිය නම් කර ඇත්තේ 3T ක්‍රිකට් යනුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...