20යි 20 ලෝක කුසලානය පැවැත්විය නොහැකියි – එහ්සාන් මනී

Date:

මෙම වසරේ පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට හැකි නොවනු ඇති බව පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති එහ්සාන් මනී පවසනවා.

අයි.සී.සී මණ්ඩලය ද නියෝජනය කරන ජ්‍යෙෂ්ට නිළධාරියෙකු වන ඔහු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සදහන් කළේ 2020 වසරේ දී කිසිදු අයි.සී.සී තරගාවලියක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් නොමැති බවයි.

“මෙම තරගාවලිය මේ වසරේ පැවැත්වුවහොත් එය ජෛව ආරක්ෂණ පරිසරයක් තුළ පැවැත්වේවි. පාකිස්තාන කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය සිදු වන අයුරින් එය පැවැත්වේවි. කණ්ඩායම් ඒවි, හෝටල් තුළම රැදී සිටීවි, ප්‍රේක්ෂකයින් නොමැති වේවි. මෙය ගැටලුවක් නැහැ එක් කණ්ඩායමකට හෝ කණ්ඩායම් දෙකකට. නමුත් ලෝක කුසලානයක දී කණ්ඩායම් 12ක් 16ක් ක්‍රීඩා කරනකොට මේක කරන්න අමාරු දෙයක් වෙනවා.”

යනුවෙන් ඔහු කියා සිටියා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති එහ්සාන් මනී මේ වන විට අයි.සී.සී මූල්‍ය සහ වාණිජ කටයුතු පිළිබද ප්‍රධානියා ලෙස ද කටයුතු කරනවා.

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝම්බර් 18 වනදා සිට නොවැම්බර් 16 වනදා දක්වා ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය නිසි අයුරින් පවත්වන්නේ ද යන්න පිළිබද අවසන් තීරණය ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් තවත් සති කිහිපයකින් ගනු ඇති.

කෙසේ වෙතත්, පසුගියදා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ද සදහන් කළේ මෙවර ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීම ඉතා දුෂ්කර වනු ඇති බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...