Road Safety තරගාවලියේ දෙවන අදියර මේ වසරේදීම පැවැත්වීමේ තීරණයක්

Date:

“Road Safety World Series” තරගාවලියේ දෙවැනි අදියර මෙම වසරේ දී ම පැවැත්වීමට සංවිධායකින් තීරණය කර තිබෙනවා.

මෙම තරගාවලිය පසුගිය වසරේ දී ආරම්භ වූ නමුත්, පළමු අදියර කොරෝනා වසංගතය හේතුවෙන් අතරමග නවතාලීමට සිදුවුණා.

අනතුරුව එහි ඉතිරි තරග මෙම වසරේදී පැවැත්වීමට කටයුතු කළ අතර, පසුගියදා එය නිමා වුණේ ඉන්දිය ලෙජන්ඩ්ස් කණ්ඩායමට ශුරතාවය හිමි කර දෙමින්.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදු වුණා.

තරගාවලියේ දෙවන අදියර මෙම වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට සංවිධායකයින් බලාපොරොත්තුවෙන් පසුවන බවටයි ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ කළමණාකරු Shyam Impett මහතා සම්මුඛ සාකච්ඡාවකදී අනාවරණය කර ඇත්තේ.

ඒ අනුව ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලානයෙන් පසුව “Road Safety World Series” තරගාවලියේ දෙවන අදියර ආරම්භ වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...