බෝනර්ගේ ශතකය හමුවේ කොදෙව්වන් පරාජයෙන් ගැළවෙයි – Match Report

Date:

න්ක්රුමහ් බෝනර් (Nkrumah Bonner) වාර්තා කළ මංගල ටෙස්ට් ශතකය හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම මෙරට වේලාවෙන් අද(26) අලුයම සමත් වුණා.

තරගය ජය ගැනීමටනම් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ අවසන් දිනයේ දී කඩුලු 9ක් දවා ගත යුතුව තිබූ නමුත්, ඔවුන්ට දවා ගැනීමට හැකි වූයේ අවසන් දිනයේ දී කඩුලු 3ක් පමණයි.

ජයග්‍රහනය සදහා ලකුණු 375ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන් තරගය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී කඩුලු 4ක් දැවී ලකුණු 236ක් ලබා සිටියා.

බෝනර් නොදැවී ලකුණු 113 රැස් කළ අතර, ක්යල් මේයර්ස් ලකුණු 52ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඇන්ටීගාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් ලබා ගත හැකි වූයේ ලකුණු 169ක් පමණයි.

අනතුරුව කොදෙව් පළමු ඉනිම ලකුණු 271කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

පසුව යළි තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම සදහා සියලු පිතිකරුවන් දැවී ලකුණු 476ක් ලබා ගත්තා.

ඊට සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ පැතුම් නිස්සංක ලබා ගත් ලකුණු 103 ද ඇතුළත්.

නිරෝෂන් දැක්වැල්ල ලකුණු 96ක් ද, ඕෂද ප්‍රනාන්දු ලකුණු 91ක් ද ලබා ගත් අතර, ළහිරු තිරිමාන්න ලකුණු 76ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 50ක් රැස් කිරීමට සමත් වුණා.

දෙරට අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය ලබන 29 වනදා ඇන්ටිගාහී ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ දී ම ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...