දෝනිගේ වාර්තාව බිද දමමින් 20යි විස්සේ සාර්ථකම නායකයා බවට ඇෆ්ගන් පත් වෙයි

Date:

20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සාර්ථකම නායකයා බවට ඇෆ්ඝනිස්තාන නායක අස්ගර් ඇෆ්ඝන් පත්ව තිබෙනවා.

ඒ, අබුඩාබිහී දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව නිමා වූ තෙවැනි 20යි 20 තරගයෙන් ඇෆ්ඝනිස්තානය ලකුණු 47ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

එම ජයත් සමගින් දෙරට අතර පැවැති 20යි 20 තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට ද ඇෆ්ඝනිස්තානය සමත් වුණා.

තෙවැනි 20 තරගය ජය ගැනීමත් සමග මේ වන විට ඇෆ්ඝනිස්තාන නායක අස්ගර් ඇෆ්ගන් සිය කණ්ඩායම 20යි 20 ජාත්‍යන්තර තරගවලදී ජයග්‍රහනය සදහා මෙහෙයවා ඇති තරග සංඛ්‍යාව 42ක්.

ඒ අනුව ඔහු ලොව සාර්ථකම 20යි 20 නායකයා බවට පත් වුණේ මෙතෙක් එම වාර්තාවට හිමිකම් කියූ ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි පසු කර යමින්.

දෝනි විසින් ඉන්දීය කණ්ඩායම තරග 41ක් ජය ගැනීම සදහා මෙහෙයවා තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...