ධනංජය හා ලසිත්ගෙන් දග පන්දුවෙන් දස්කම් – පුහුණු තරගය ජය පැරදුමෙන් තොරයි

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතන සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැති දෙදින පුහුණු ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

දෙවන හා අවසන් දිනය මෙරට වේලාවෙන් අද අලුයම නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 56ක්.

දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 27ක් සහ ළහිරු තිරිමාන්න නොදැවී ලකුණු 23ක් ලබා සිටියා.

දෙවන දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව් ක්‍රිකට් ආයතන සභාපතිවරයාගේ කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 294ක්.

ෂේයි හෝප් ලකුණු 68ක්, K Mayers ලකුණු 57ක්, රොස්ටන් චේස් ලකුණු 52ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ධනංජය ද සිල්වා ලකුණු 26කට කඩුලු 3ක් බිද හෙලූ අතර, ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 69කට කඩුලු  3ක් බිද හෙලුවා.

සුරංග ලක්මාල් ලකුණු 14කට දවා ගත් කඩුලු ගණන 2ක්.

ඇන්ටිගුවාහි Coolidge ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 172ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම එක් අවස්ථාවක කඩුලු 5ක් දැවී ලකුණු 137ක් ලබා සිටියද, ඔවුන්ගේ අවසන් කඩුලු 5 ලකුණු 35කට බිද වැටුණා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඕෂද ප්‍රනාන්දු ලකුණු 47ක් රැස් කළ අතර, දිනේෂ් චන්දිමාල් ලකුණු 40ක් සහ පැතුම් නිස්සංක ලකුණු 23ක් රැස් කළා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රොස්ටන් චේස් කඩුලු 4ක් දවා ගත්තේ ලකුණු 12ක් පමණක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...