ශ්‍රී ලංකාව 172කට දැවී යයි – ඕෂද ලකුණු අතරට – චේස්ගෙන් විශිෂ්ඨ පන්දු යැවීමක්

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතන සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙදින පුහුණු ක්‍රිකට් තරගයේ දෙවන හා අවසන් දිනය අදයි.

ඊයේ දිනට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව් ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 103ක් ලබා සිටියා.

ෂායි හෝප්ගේ සුපිරි පිතිහරඹය මෙම ඉනිමේ දී ද දැකගත හැකි වූ අතර, ඔහු දිනය නිමා වන විට නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 60(72)ක්.

ඩැරන් බ්‍රාවෝ නොදැවී ලකුණු 30යි.

ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් මේ වන විට ගොඩ නැගී ඇති ලකුණු සංඛ්‍යාව 94ක්.

ඇන්ටිගුවාහි Coolidge ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 172ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම එක් අවස්ථාවක කඩුලු 5ක් දැවී ලකුණු 137ක් ලබා සිටියද, ඔවුන්ගේ අවසන් කඩුලු 5 ලකුණු 35කට බිද වැටුණා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඕෂද ප්‍රනාන්දු ලකුණු 47ක් රැස් කළ අතර, දිනේෂ් චන්දිමාල් ලකුණු 40ක් සහ පැතුම් නිස්සංක ලකුණු 23ක් රැස් කළා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රොස්ටන් චේස් කඩුලු 4ක් දවා ගත්තේ ලකුණු 12ක් පමණක් ලබා දෙමින්.

ඒ අනුව කොදෙව්වන් මේ වන විට පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 69ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...