චමින්ද වාස් ඉල්ලා අස්වීම ඉවත් කර ගන්නා ලකුණු

Date:

මීට සති කිහිපයකට පෙර ඉල්ලා අස් වූ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු වූ චමින්ද වාස් යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග එක්වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ වේග පන්දු පුහුණුකරු ලෙස ඔහු යළි එක් වනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කළේ.

ක්‍රිකට් බළධාරීන් සහ චමින්ද වාස් අතර පැවැති සාකච්ඡාවලින් පසුව දෙපාර්ශවය අතර පැවැති ගැටලුකාරී තත්ත්වය සමථයකට පත්ව ඇති බව සදහන්.

චමින්ද වාස් වේග පන්දු පුහුණුකාර ධූරයෙන් ඉල්ලා අස් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් තරග සංචාරය සදහා පිටත්ව යාමට පැය කිහිපයකට පෙරයි.

ඒ, ගෙවීම් සම්බන්ධයෙන් පැවැති ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන්.

කෙසේ වෙතත්, සිදු කෙරුණු සාකච්ඡාවලින් පසුව මේ වන විට චමින්ද වාස් සිය ඉල්ලා අස්වීම ඉවත් කර ගැනීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...