ඉන්දියාවට සහ පාකිස්තානයට සනත් සිය ස්තූතිය පුද කරයි

Date:

ලෝක ක්‍රිකට් ශූරතාවය ජය ගෙන වසර 25ක් සපිරීම නිමිත්තෙන් එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වූ සනත් ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින්.

එම නිවේදනය පහතින් –

“ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහනය කර වසර 25ක් සපිරෙනව. ඕනෙම ක්‍රීඩකයෙක්ගෙ හීනයක් බලාපොරොත්තුවක් තමයි සිය රට නියෝජනය කිරීම. ඒ අවස්තාව ආශිර්වාදය මටත් ලැබුන. ඒ දවස්වල අපේ ක්‍රිකට් සභාපහි ආනා පුංචිහේවා මහතා මෙන්ම පියෙක් ලෙස අපිව පිටියේත් ඉන් එහාටත් මෙහෙයවූ අපේ නායක අර්ජුන රණතුංග අයියගෙන් අපිට ලැබුනේ මිල කල නොහැකි මඟ පෙන්වීමක්. ලෝක කුසලානය ජයගැනීමේ සිට මාගෙ කන්ඩායමෙ සෑම සගයෙක් සමගම මට ඇත්තෙ ඉතා සුන්දර මතකයන් රැසකි..

මගේ විශේෂ ස්තූතිය අපේ පුහුණු කාර්‍ය මණ්ඩලයට මෙන්ම අත් උදව් කාර්‍ය මන්ඩලයටද හිමිවිය යුතුයි. ඒ වගේම ඉන්දියාව හා පාකිස්ථානය යන රටවලට මාගෙ හෘදයාංගම ස්තූතිය පිරිනමන්නේ ලෝක කුසලානය සංවිධානය කිරීමෙදි ඔවුන් ලබාදුන් අඛණ්ඩ විශ්වසනීය සාර්ථක උපකාර අපගේ වසර ගනණාවක කැපකිරීම් හා බලාපොරොත්තු ඉටු කරගැනීමට රුකුලක් වූ නිසාවෙනි.

අදින් වසර 25කට කලින්1996දී රට වෙනුවෙන් ක්‍රීඩා කරමින් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීම ජීවිතයේ ලොකුම ජයග්‍රහනයක් විය.මෙම අරමුණඉශ්ඨ කරගැනිමේදී මට සහය දැක්වූ මගේ කන්ඩායමේ සගයින්, ප්‍රේක්ශකයින් හා මගේ පවුලේ සියලු දෙනාට මම ස්තූතීවන්ත වෙමි.

Road Safety තරඟාවලියේ ශ්‍රී ලංකා Legends පිල නියෝජනය කරමින් මේ දිනවල ඉන්දියාවේ තරඟවදින නිසාන් කොළඹ පැවැත්වෙන සැමරුම් උත්සවයට සහභාගීවීමට නොහැකි වුවත් නායක අර්ජුන අයියා මගේ කන්ඩායම සමග මම ඕනෙම මොහොතක සිටින බව ආදරයෙන් සිහිපත් කරමි.

ක්‍රිකට් ක්‍රීඩාව පිලිබඳ උද්‍යෝගී තරුණ ක්‍රීඩකයින්ට ඔවුන්ගෙ ඉලක්ක සහ ජයග්‍රහණ වෙත යාමට අපගේ මෙම ජයග්‍රහණය මනා රුකුලක් වේ යැයි මම සිතමි.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...