ලෝක ක්‍රිකට් ශූරයින්ට අයි.සී.සීයෙන් පදක්කම්

Date:

1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීම වෙනුවෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය (ICC) විසින් ක්‍රිකට් ශූරයින් වෙනුවෙන් පිරිනැමූ පදක්කම් අද(17) එම ක්‍රීඩකයින් වෙත පිරිනැමීම සිදු කෙරුණා.

ඒ, ලෝක කුසලානය ජය ගෙන වසර 25ක් සපිරීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ පැවැති සැමරුම් උත්සවයේ දී යි.

එම පදක්කම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින්ම සියලු ක්‍රීඩකයින් වෙත ප්‍රදානය කිරීම සිදු කෙරුණා.

එමෙන්ම ලෝක කුසලාන විජයග්‍රහණයේ 25 වන සංවත්සර සැමරුම වෙනුවෙන් නිකුත් කෙරුණු QR කේතය සහිත පළමු සැමරුම් මුුුද්දරය හා විශේෂ සමරු කවරය තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් ජනමාධය අමාතය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත පිරිනැමීම ද අද සිදු කෙරුණා.

අනතුරුව අමාත්‍යවරයා විසින් එය අග්‍රාමාත්‍යවරයාට සහ 1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතාට පිළිගන්වනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...