“මනුෂ්‍යත්වයේ කතාවට වසර 25ක් පිරෙන්නේ අද” : ක්‍රිකට් හදන හැටි අගමැති කියයි

Date:

අතීතයෙන් පාඩම් ඉගෙන ගනිමින් වර්තමානයේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වැටී තත්ත්වයෙන් එය ගොඩ නැගිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ශ්‍රී ලංකාව 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගෙන වසර 25ක් සපිරීම වෙනුවෙන් සංවිධාන කෙරුණු සැමරුම් උත්සවයට අරලියගහ මන්දිරයේ දී අද(17) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

“ක්‍රිකට් පිටියේ මනුෂ්‍යත්වයේ කතාවට වසර 25ක් පිරෙන්නේ අද” යනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේ අතීතයේ ක්‍රීඩකයින් තුළ තිබූ සාමූහිකත්වයේ හැගීම පිළිබද සිහිපත් කරමින්.

“අපිට අතීතය තියෙන්නේ වර්තමානය හොදින් ගොඩනගාගන්න. අද අපිට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනගාගන්න හොදම පාඩමකට තියෙන්නේ ඒ අතීතයයි. ඒ අතීතය වර්තමානයට ගෙනාවොත් අද අපි ඉන්න දුර්භග්‍යසම්පන්න තත්ත්වයෙන් මිදෙන්න පුලුවන් කියන එක මම දැඩි සේ විශ්වාස කරනවා. අතීතයේ තිබූ සාමූහික හැගීම, මනුෂ්‍යත්වයේ කතාව වර්තමානයට ගෙනාවොත් අපිට නැවතත් ඒ වගේ ජයග්‍රහනයක් ලබා ගන්න පුලුවන්. ඒ නිසා අපි අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන ඉදිරියට යමු”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...