“මට ආපහු හැරිල යන්න හිතුන මෙතන්ට ආවම” අගමැති ඉදිරියේ අර්ජුන කොමිසමකුත් ඉල්ලයි

Date:

ශ්‍රී ලංකාව 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගෙන වසර 25ක් සපිරීම වෙනුවෙන් සංවිධාන කෙරුණු සැමරුම් උත්සවයට පැමිණි අවස්ථාවේ දී ඊට එක්ව සිටින ඇතැම් පුද්ගලයින් දුටු විට තමාට ආපසු හැරී පිටව යාමට සිතුණු බව ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වූ අර්ජුන රණතුංග මහතා සදහන් කළා.

අරලියගහ මන්දිරයේ දී මෙම උත්සවය අද(17) පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී අදහස් දක්වමිනුයි අර්ජුන රණතුංග මහතා මෙම අදහස් පල කළේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලන අංශයෙන් සිදු වූ අක්‍රමිකතා සෙවීමට කොමිසක් පත් කරන ලෙස ද මෙහිදී රණතුංග මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.

මෙම සැමරුම් උත්සව අවස්ථාවට 1996 ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාවය ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්, පරිපාලන නිළධාරීන්, දේශපාලනඥයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විදෙස් ගතව සිටි බැවින් මෙම අවස්ථාවට එක් වූයේ නැහැ.

කෙසේ වෙතත්, සැමරුම් උත්සවයට සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...