සියලු ක්‍රිකට් ආයතන වෙත අයි.සී.සීයෙන් අනතුරු ඇගවීමක්

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සියලු ජාතික ක්‍රිකට් ආයතන වෙත අනතුරු ඇගවීමක් සිදු කර ඇති බව වාර්තා වනවා.

ලිපියක් යොමු කරමින් ඔවුන් සදහන් කර ඇත්තේ දූෂිත ක්‍රියාවලට සම්බන්ධවූවන් (බුකීකරුවන් වැනි) මේ වන විට සමාජජාලා මාධ්‍ය ඔස්සේ ක්‍රීඩකයින් හා සම්බන්ධ වීමේ නව ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවයි.

කොරෝනා වසංගත තත්ත්වයත් සමග පනවා ඇති සීමාවන් හේතුවෙන් මේ වන විට ක්‍රීඩකයින් සමාජජාලා මාධ්‍ය ඔස්සේ සිය ප්‍රේක්ෂකයින් හා සම්බන්ධ වන අවස්ථා දෛනිකව දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත්, එහිදී දූෂිත ක්‍රියාවල නිරත වන්නන් ද ක්‍රිකට් ක්‍රීඩකයින් හා සම්බන්ධ වීමට උත්සාහ දරා ඇති බවට තමන් සතුව සාක්ෂි ඇති බව පෙන්වා දෙන ජගත් ක්‍රිකට් කවුන්සලය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ විශේෂයෙන් ඉන්ස්ටග්‍රෑම්, වට්ස්ඇප් සහ ෆේස්බුක් යන සමාජ මාධ්‍ය මෙම ක්‍රියාවලිය සදහා දූෂිතයින් විසින් යොදා ගන්නා බවයි.

cricbuzz වෙබ් අඩවිය වාර්තා කළේ මෙලෙස දූෂිත පුද්ගලයින් සම්බන්ධ වීමට තැත් කර ඇත්තේ ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග බවයි.

නිල ඇදුම් සදහා අනුග්‍රහය ලබා දෙන බව පවසමින් එක් පුද්ගලයෙකු ක්‍රීඩකයෙකු හා සම්බන්ධ වී ඇති නමුත්, අනෙක් සිදු වීම සම්බන්ධයෙන් මෙතෙක් නිසි තොරතුරු අණාවරණය වන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...