ලෝක ක්‍රිකට් කිරුළේ රිදී ජුබිලි සැමරුම

Date:

අද දිනය, එනම් මාර්තු 17 වැනිදා යනු මෙරට ක්‍රිකට් ඉතිහාසයට සුවිශේෂී දිනයක්.

මෙරට ක්‍රිකට් වංශ කතාවේ ස්වර්ණමය දිනය අද දිනය ලෙස හැදින්වීමේ කිසිදු වරදක් නැත.

ඊට හේතුවනම් 1996 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාව ජය ගෙන අදට හරියටම වසර 25 ක් සම්පූර්ණ වීම හේතුවෙන්.

අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ලොවක් මවිත කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996 වසරේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැති අදාළ ලෝක කුසලානය තමන් සතු කර ගත්තේ ලාහෝර්හි පැවැති අවසන් මහා තරගයේ දී ප්‍රබල ඔස්ට්‍රේලියානුවන් කඩුලු 7කින් පරාජයට පත් කරමින්.

ක්‍රිකට් ඉතිහාසයේ 6 වැනි ලෝක කුසලාන තරගාවලිය වූ එම තරගාවලියේ අවසන් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේ එතෙක් පැවැති ලෝක කුසලාන අවසන් මහා තරග පහම පළමුවෙන් පන්දුවට පහරදුන් කණ්ඩායම ජය ගෙන තිබූ පසුබිමකයි.

මාක් ටේලර්ගේ නායකත්වයෙන් යුත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දී කඩුලු 7 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව වූ 241ක ලකුණු ප්‍රමාණය ශ්‍රී ලංකාව හඹා ගියේ පන්දුවාර 46.2ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී සිටියදීයි.

එහිදී අරවින්ද ද සිල්වා රැස් කළ සුපිරි ශතකය සහ ඔහු තුන් ඉරියව්වෙන්ම දැක් වූ දක්ෂතා හේතුවෙන් අරවින්ද අවසන් තරගයේ වීරයා ලෙස ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

තවමත් ලෝක කුසලාන තරගාවලියක අවසන් තරගයක ලකුණු ප්‍රමාණයක් හඹා යාමේ දී ශතකයක් වාර්තා කළ ලොව එකම පිතිකරුවා වන්නේ ද ඔහුයි.

තරගාවලියේ විරයා වූයේ ලෝක එක්දින ක්‍රිකට් තරග රටාව උඩුයටිකුරු කළ සනත් ජයසූරියයි.

1996 ලෝක කුසලානය පැවැත්වුණේ මෙරට ත්‍රස්තවාදී අර්බුදය මැද ගැටලු රැසක් මධ්‍යයේ බව ද සදහන් කළ යුතුයි.

ආරක්ෂක ගැටලු හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව මෙරටට පැමිණීම ද ප්‍රතික්ෂේප කළ අතර, එම අවස්ථාවේ දී(ලෝක කුසලානය ආරම්භ වීමටත් පෙර) අර්ජුන රණතුංග සදහන් කළේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් ලෙස ඔස්ට්‍රේලියාව අවශ්‍ය බවයි.

ඔස්ට්‍රේලියාව මගහැර ලෝක කුසලාන ජය ගැනීමට උත්සාහ දරන ලොවක එවැනි ප්‍රකාශයක් සිදු කළ ලොව එකම නායකයා අර්ජුන රණතුංග බව නොරහසක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...