තෙවැනි 20යි 20න් ජය ගත් එංගලන්තය තරගාවලියේ පෙරමුණ ගනියි

Date:

ඉන්දියාව සමග පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම අද(16) සමත් වුණා.

ඒ, අද පැවැති තෙවැනි 20යි 20 තරගයෙන් එංගලන්තය කඩුලු 8ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

අහ්මදාබාද්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 156ක්.

ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 24ක්ව තිබියදී බිද වැටුණු නමුත්, ඉන්දියාව සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට නායක විරාට් කෝලි සමත් වුණේ පන්දු 46කින් නොදැවී ලකුණු 77ක් ලබා ගනිමින්.

ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 8ක් ඇතුළත්.

රිෂාබ් පාන්ට් ලකුණු 25ක්, හර්ඩික් පාන්ඩ්යා ලකුණු 17්ක් සහ රෝහිට් ෂර්මා ලකුණු 15ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මාර්ක් වුඩ් ලකුණු 31කට කඩුලු 3ක් බිද හෙලූ අතර, ක්‍රිස් ජෝඩන් ලකුණු 35කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 18.2ක් අවසානයේ දී යි.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ ජොස් බට්ලර් පන්දු 52කදී නොදැවී ලකුණූ 83ක් ලබා ගත්තා.

ඒ, හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් සමගින්.

ජොනී බෙයාර්ස්ටව් නොදැවී ලකුණු 40යි.

දෙරට අතර සිව්වැනි 20යි 20 තරගය එළඹෙණ 18 වනදා අහ්මදාබාද්හී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...