රාහුල් අදත් බින්දුවට දැවී ගිය අයුරු මෙන්න

Date:

20යි 20 තරගවලදී ඉන්දීය ආරම්භක පිතිකරුවන් අතරින් කේ.එල්. රාහුල්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක් බව නොරහසක්.

අයි.පි.එල් පිටියේ දී මෙන්ම ජාත්‍යන්තර තරගවලදී ද ඔහු පිත්තෙන් විශිෂ්ඨ දක්ෂතාවයක් දැක් වූ අයුරු අපට මතකය.

කෙසේ වෙතත්. පසුගිය ඉනිම් කිහිපයේ දී නම් ඔහු දැඩි ලෙස අසාර්ථකත්වයක් පෙන්නුම් කිරීම මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති කරුණක්.

එංගලන්තය සමග පැවැත්වෙන 20යි 20 තරගාවලියේ පළමු තරග තුනේදී ඔහු ලබා ගෙන ඇත්තේ එක් ලකුණක් පමණයි.

ඊට ලකුණු නොලබා දැවී ගිය අවස්ථා දෙකක් ඇතුළත්.

අද(16) ආරම්භ වූ තෙවැනි 20යි 20 තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායක ඔයීන් මෝර්ගන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඉන්දිය කණ්ඩායමට ආරාධනා කළා.

කෙසේ වෙතත්, ඉන්දිය ආරම්භක පිතිකරුවන් හට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

මුළු ලකුණු සංඛ්‍යාව 7 ක්ව තිබියදී පන්දු 4 කට මුහුණ දී එකදු ලකුණක්වත් ලබා නොසිටි කේ.එල්. රාහුල්ව දවා ගැනීමට මාක් වූඩ් සමත් වුණේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමට සලස්වමින්.

රාහුල් පසුගිය තරගයේ දී ද ලකුණු නොලබා දැවී ගිය අතර, පළමු තරගයේ දී රැස් කළේ එක් ලකුණක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...