“ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රීඩකයින් ගොඩක් කැපවීමෙන් පුහුණුවීම් කරනවා” ජොන්ටි රෝඩ්ස්

Date:

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් ඉතාමත් කැපවීමෙන් පුහුණුවීම් සිදු කරන බව දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක ජොන්ටි රෝඩ්ස් පවසනවා.

Road Safety World Series තරගාවලියේ ඊයේ(15) පැවැති තරගයෙන් අනතුරුව පැවැති සම්මාන ප්‍රදානෝත්සවයේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ඒ, අවසන් පූර්ව වටයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සම්බන්ධයෙන් විමසූ පැනයකට පිළිතුරු ලබා දෙමින්.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හොදින් දක්ෂතා දක්වන බවත්, සෑම අවස්ථාවකම ඉතා කැපවීමෙන් ඔවුන් පුහුණුවීම් සිදු කරන බවත් ජොන්ටි එහිදී පෙන්වා දුන්නා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු මෙවර තරගාවලියේ දී කැපී පෙනන දක්ෂතා දක්වමින් කණ්ඩායම ඉදිරියට ගෙන යාමට වැඩි දායකත්වයක් ලබා දී ඇති බවත්, වැදගත් කඩුලු කිහිපයක් දවා ගතහොත් සෙසු ක්‍රීඩකයින්ට පීඩනයක් එල්ල කිරීමට හැකි වනු ඇති බවත් ඔහුගේ අදහසයි.(දර්ශන පහතින්)

දෙවැනි අවසන් පූර්ව තරගය ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දිනා ගත් ශ්‍රී ලංකාව සහ තෙවැනි ස්ථාන හිමි කර ගත් දකුණු අප්‍රිකාව අතර එළඹෙන 19 වනදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...