කොරෝනා නිසා ඉන්දු – එංගලන්ත 20යි 20 තරගාවලියට බාධා

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ඉතිරි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග 3 ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වීමට ගුජරාට් ක්‍රිකට් සංගමය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය බළධාරීන් සමග පැවැති සාකච්ඡාවකින් පසුව එම තීරණය ගත් බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් 20යි 20 තරගාවලියේ පළමු තරග දෙක 50%ක ප්‍රේක්ෂක සහභාගීත්වයක් සහිතව අහ්මදාබාද්හී දී පැවැත්වුණා.

කෙසේ වෙතත්, මේ වන විට ඉන්දියාව තුළ පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් අවසන් 20යි 20 තරග 3 ප්‍රේක්ෂක සහභාගීත්වයක් නොමැතිව පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව මේ වන විටත් ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන ඇති ප්‍රේක්ෂකයින්ට ඊට අදාළ මුදල් යළි ලබා දීමට කටයුතු කෙරෙණු ඇති.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි 20යි 20 තරගය අද(16) අහ්මදාබාද්හී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...