ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අවසන් පූර්ව ගැටුම දකුණු අප්‍රිකාවට එරෙහිව

Date:

Road Safety World Series තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ලබන 17 වනදා ආරම්භ වනවා.

පළමු අවසන් පූර්ව තරගය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම සහ සිව්වන ස්ථානයේ පසුවන කණ්ඩායම අතරයි පැවැත්වීමට නියමිතව ඇත්තේ.

දෙවැනි අවසන් පූර්ව තරගය ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමි කර ගන්නා කණ්ඩායම් අතර එළඹෙන 19 වනදා පැවැත්වෙනු ඇති.

ඒ අනුව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන බව කියන ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම පළමු අවසන් පූර්ව තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඔවුන්ගේ ප්‍රතිවාදීන් කවුරුන් ද යන්න මෙතෙක් තීරණය වී නැහැ.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමි වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම දෙවැනි අවසන් පූර්ව තරගයේ දී දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිවයි තරග කිරීමට නියමිතව ඇත්තේ.

තරගාවලියේ අවසන් තරගය ලබන 21 වනදා රායිපූර්හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...