සිම්බාබ්වේ – ඇෆ්ඝනිස්තාන ටෙස්ට් තරගාවලිය සම වෙයි

Date:

වසර 17කට පසුව ටෙස්ට් ක්‍රීකට් තරගාවලියක් (එක් තරගයකට වැඩි) ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායමට තිබූ අවස්ථාව අහිමි කරමින් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව දෙරට අතර පැවැති තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය නිමා වුණේ තරග 1-1ක් ලෙස සම තත්ත්වයෙන්.

අබුඩාබි හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය කඩුලු 4ක් දැවී ලකුණු 545ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට පියවර ගත්තා.

ඒ, හශ්මටුල්ලාහ් ශහිඩි නොදැවී රැස් කළ ද්විත්ව ශතකයෙන් සවිමත් වෙමින්.

පිළිතුරු ලෙස සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 287ක්.

අනතුරු අඛණ්ඩව දෙවැනි වරටත් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ ක්‍රීඩකයින් දෙවැනි ඉනිමේ දී සියලු දෙනා දැවී ලකුණු 365ක් රැස් කිරීමට සමත් වුණේ ඇෆ්ඝනිස්තානයට තරගය ජය ගැනීම සදහා ලකුණු 108ක ඉලක්කයක් හිමි කර දෙමින්.

නායක ශෝන් විලියම්ස් නොදැවී ලකුණු 151ක් රැස් කළ අතර, ඩොනල්ඩ් තිරිපානෝ ලකුණු 95කට දැවී ගියා.

පන්දු යැවීමේ දී පළමු ඉනිමේ දී කඩුලු 4ක් බිද හෙලූ රෂීඩ් ඛාන් දෙවැනි ඉනිමේ දී කඩුලු 7ක් දවා ගත්තා.

ලකුණු 108ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඇෆ්ඝනිස්තානය කඩුලු 4ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...