ග්‍රෑන්ඩ්හෝම්ට සති 8ක් ක්‍රිකට් අහිමි වෙයි

Date:

නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක කොලින් ද ග්‍රෑන්ඩ්හෝම්ට සති 8ක පමණ කාලයක් විවේක ගැනීමට සිදුව තිබෙනවා.

ඒ, ඔහුගේ දකුණු වළලුකර ප්‍රදේශයේ හටගෙන ඇති ආබාධය හේතුවෙන්.

ආබාධය නිසා ඔහු ශල්‍යකර්මයකට ද මුහුණ දීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ හේතුවෙන් ඔහුට එළඹෙන බංග්ලාදේශ තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

එමෙන්ම මැයි මස අගදී සිදු කිරීමට නියමිතව ඇති නවසීලන්ත කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය මෙන්ම ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ද කොලින් ද ග්‍රෑන්ඩ්හෝම්ට ක්‍රීඩා කළ හැකි දැයි මේ වන විට යම් අවිනිශ්චිත බවක් මතුව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...