පාකිස්තානයේ තීරණය ගැන ශ්‍රී ලංකා පුහුණුකරු කණගාටුවෙන්

Date:

අතරමගදී කල් දැමීමට සිදු වූ මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග ජූනි මාසයේ දී පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සිය අප්‍රසාදය පල කර තිබෙනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ අදාළ තීරණය නිසා එම මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති ආසියානු කුසලාන තරගාවලියට බලපෑමක් එල්ල වන බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් තරග අභිබවා ලීග් තරගාවලි සදහා ප්‍රමුඛත්වයක් ලබා දීම භයානක පූර්වාදර්ශයක් බව ඔහුගේ අදහසයි.

මෙවර ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව ඇති නමුත්, මේ වන විටත් එය අර්බුදයට ලක්ව ඇත්තේ ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා ඉන්දියාව සුදුසුකම් ලබා ඇති බැවින්.

එම අවසන් තරගය ජූනි 18 වනදායි ආරම්භ වීමට නියමිතව ඇත්තේ.

ALSO READ : අතරමැදදී කල් දැමුණු පාකිස්තාන සුපර් ලීගය ගැන සුබ ආරංචියක්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...