කොදෙව් – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය හෙට ඇරඹෙයි, වේලාව සහ ශ්‍රී ලංකා සංචිතය මෙන්න

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ එක්දින තරගාවලිය හෙටින්(10) ආරම්භ වනවා.

පළමු තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7ට ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

දෙවැනි එක්දින තරගය ලබන 12 වනදාද, තෙවැනි එක්දින තරගය ලබන 14 වනදා ද පැවැත්වෙනු ඇති.

දෙවැනි තරගය ද මෙරට වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වන නමුත්, තෙවැනි තරගය රාත්‍රී 11ට ආරම්භ වන්නේ දිවා රාත්‍රී තරගයක් ලෙසයි.

කොදෙව් තරග සංචාරය ආරම්භ කරමින් පැවති 20යි 20 තරගාවලිය පසුගියදා නිමාවට පත්වුණේ සත්කාරක කොදෙව් කණ්ඩායමට තරග 2 – 1ක ජයක් හිමි කර දෙමින්.

එක්දින තරගාවලියෙන් පසුව දෙරට අතර තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියක් ද පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර සංචිතය –

Dimuth Karunaratne(c), Dasun Shanaka, Danushka Gunathilake, Pathum Nissanka, Ashen Bandara, Oshada Fernando, Dinesh Chandimal, Angelo Mathews, Niroshan Dickwella, Thisara Perera, Kamindu Mendis, Wanindu Hasaranga, Ramesh Mendis, Nuwan Pradeep, Asitha Fernando, Dushmantha Chameera, Akila Dananajaya, Lakshan Sandakan, Dilshan Madushanka, Suranga Lakmal

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය –

Dimuth Karunaratne (C) Dasun Shanaka, Pathum Nissanka, Oshada Fernando, Lahiru Thirimanne,  Dinesh Chandimal, Angelo Mathews, Niroshan Dickwella, Roshen Silva, Dhananjaya De Silva, Wanindu Hasaranga, Ramesh Mendis, Vishwa Fernando, Suranga Lakmal, Asitha Fernando, Dushmantha Chameera, Lasith Embuldeniya

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...