පතාන්ගේ සටන්කාමී ඉනිම පීටර්සන්ගේ සුපිරි ඉනිමට පරදියි – එංගලන්තයට තියුණු ජයක්

Date:

කෙවින් පීටර්සන්ගේ සුපිරි පිතිහරඹය හමුවේ Road Safety World Series තරගාවලියේ 9 වන තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම අද(9) සමත් වුණා.

ඔවුන් හමුවේ ලකුණු 6කින් පරාජයට පත් වූයේ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමයි.

රායිපූර්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 188ක් ලබා ගත්තා.

ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි නායක කෙවින් පීටර්සන් සුපිරි පිතිහරඹයක නිරත වෙමින් පන්දු 37කින් ලකුණු 75ක් රැස් කළේ හයේ පහර 5ක් සහ හතරේ පහර 6ක් සමගින්.

Darren Maddy ලකුණු 29යි.

පන්දු යැවීමේ දී යුසුෆ් පතාන් කඩුලු 3ක් බිද හෙලූ අතර, මුනාෆ් පටෙල් සහ ඉර්ෆාන් පතාන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 182ක් පමණයි.

ඔවුන්ගේ ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූයේ විරේන්ද ෂෙවාග් ලකුණු 6කටත්, සචින් ටෙන්ඩුල්කාර් ලකුණු 9කටත්, මොහොමඩ් කයිෆ් එක් ලකුණකටත් දැවී යාම හේතුවෙන්.

ඉන්දියාවේ දැවී ගිය කඩුලු 7 ලකුණු 119ක් වන විට බිද වැටී තිබූ අතර, ඒ වන විට ඔවුන්ට තරගය ජය ගැනීම සදහා පන්දු 26ක් තුළ ලකුණු 70ක් ලබා ගත යුතුව තිබුණා.

අනතුරුව 8 වන කඩුල්ල වෙනුවෙන් පන්දු 27කින් ලකුණු 63ක නොබිදුණු සබදතාවයක් ගොඩ නැගීමට ඉර්ෆාන් පතාන් සහ මන්ප්‍රීට් ගෝනි සමත් වුණා.

පතාන් හයේ පහර 5ක් සහ හතරේ පහර 4ක් සමගින් පන්දු 34කින් ලකුණු 61ක් නොදැවී රැස් කළා.

ගෝනි හයේ පහර 4ක් සහ එක් හතරේ පහරක් සිය ඉනිමට එක් කරමින් පන්දු 16කදී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 35ක්.

අවසන් පන්දු දෙකේ දී තරගය ජය ගැනීම සදහා ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමට ලකුණු 8ක් පමණක් අවශ්‍ය වූ නමුත්, ඔවුන්ට ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණයි.

පන්දු යැවීමේ දී මොන්ටි පැනේසා කඩුලු 3ක් සහ ජේම්ස් ට්‍රෙඩ්වෙල් කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...