IPL තරග කාලසටහන නිවේදනය කෙරේ

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එළඹෙන අප්‍රේල් 9 වනදා චෙන්නායිහී දී ආරම්භ කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළා.

පළමු තරගය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

තරග පැවැත්වීම සදහා මෙවර ක්‍රීඩාංගන 6ක් පමණක් තෝරා ගෙන ඇති බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ.

මුම්බායි නුවර ද ඊට අයත් අතර, අවසන් වටයේ තරග අහ්මදාබාද්හී දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මූලික වටයේ දී සියලු කණ්ඩායම් ක්‍රීඩාංගන 4කදී තරග වදිනු ඇති.

මූලික වටයේ තරග 56 අතරින් චෙන්නායි, මුම්බායි, කොල්කටා සහ බැංගලෝර් යන ක්‍රීඩාංගනවලදී තරග 10 බැගින් පැවැත්වීමට නියමිතයි.

දිල්ලි සහ අහ්මදාබාද් ක්‍රීඩාංගනවලදී තරග 8 බැගින් පැවැත්වෙනු ඇති.

තරගාවලිය ආරම්භයේ දී ප්‍රේක්ෂකයින්ගේ සහභාගීත්වයකින් තොරව තරග පැවැත්වීමටයි කටයුතු සැලසුම් කර ඇත්තේ.

එක් දිනකට තරග 2 බැගින් පැවැත්වෙන දින 11 ක් ද මෙවර තරගාවලියට ඇතුළත්.

අවසන් මහා තරගය මැයි 30 වනදා අහ්මදාබාද් හී දී පැවැත්වීමට නියමිතයි.

BCCI
BCCI

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...