ඩිල්ෂාන් සහ තරංගගේ සුපිරි ඉනිම් ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

Date:

Road Safety World Series තරගාවලිය යටතේ මෙවර ක්‍රීඩා කළ පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට Sri Lanka Legends කණ්ඩායම අද(6) සමත් වුණා.

ඔවුන් හමුවේ කඩුලු 5කින් පරාජයට පත් වූයේ West Indies Legends කණ්ඩායමයි.

රායිපූර් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 4ක් දැවී ලකුණු 157ක් ලබා ගනිමින්.

නායක බ්‍රයන් ලාරා නොදැවී ලකුණු 53ක් සහ ඩ්වේයන් ස්මිත් ලකුණු 47ක් රැස් කළා.

පන්දු යැවීමේ දී තිලකරත්න ඩිල්ෂන් සහ චින්තක ජයසිංහ කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

උපුල් තරංග නොදැවී ලකුණු 53ක්, තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 47ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළා.

ඩිල්ෂාන් මෙම ඉනිමේ දී ඩිල්ස්කූප් පහරවල් කිහිපයක්ම එල්ල කිරීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

සනත් ජයසූරිය ලකුණු 12කට දැවී ගිය අතර, චාමර සිල්වා ලකුණු 22යි.

මෙම ජයග්‍රහනයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ, Road Safety World Series තරගාවලිය යටතේ ක්‍රීඩා කළ තරග 3න් තරග 2ක් ජය ගනිමින්.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...