සනත්ගේ අපූර්ව පන්දු රැකීමට ලාරා දැක්වූ අපූර්ව ප්‍රතිචාරය

Date:

Road Safety World Series තරගාවලිය යටතේ Sri Lanka Legends කණ්ඩායම හා West Indies Legends කණ්ඩායම අතර අද(6) රායිපූර් ක්‍රීඩාංගනයේ පැවැති තරගය අතරතුර සිදුවූ අපූර්ව සිදුවීමක් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනු දක්නට ලැබනෙවා.

කොදෙව් කණ්ඩායම පිතිකරණයේ නිරත වෙමින් සිටි අවස්ථාවේ ඉනිමේ 15 වන පන්දුවාරයේ මහරුෆ් යොමු කළ පන්දුවකට Mahendra Nagamootoo අලංකාර පහරක් එල්ල කිරීමෙන් පසුව පන්දුව හතරේ සීමාව වෙත වේගයෙන් ඇදී ගියා.

එහිදී එම පන්දුව සීමා ඉර ආසන්නයේ දී පාදයෙන් නවතා ගැනීමට සනත් ජයසූරිය සමත් වුණා.

එම අවස්ථාවේ පිතිකරණයේ නිරතවෙමින් සිටි අනෙක් පිතිකරුවා වූ බ්‍රයන් ලාරා ඉතාමත් ප්‍රසන්න සිනාමුසු මුහුණින් ජයසූරියගේ එම අපූර්ව උත්සාහය ඇගයීමට කටයුතු කිරීම විශේෂත්වයක්.

ප්‍රතිවාදී කණ්ඩායමක ක්‍රීඩකයකුගේ දක්ෂතාවයක් එලෙස අගය කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල තුළ ඉතාමත් සුබවාදී අදහස් ද මේ වන විට දැක ගැනීමට ලැබෙනවා.

දර්ශන පහතින්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...