ඉනිමක ජයක් සමගින් ඉන්දියාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගනිමින් එහි අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(6) සමත් වුණා.

ඒ, සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති තරග 4කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 3-1ක් ලෙස ජය ගැනීමත් සමගයි.

ඒ අනුව අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම ජයග්‍රහනයත් සමගින් අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි මෙතෙක් දෙවැනි ස්ථානයේ පසු වූ ඉන්දියාව එහි පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද සමත් වුණා.

ඒ අනුව මෙතෙක් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසු වූ නවසීලන්තයට මේ වන විට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි.

ඉන්දියාව සහ එංගලන්තය අතර සිව්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද නිමා වුණේ ඉන්දියාවට ඉනිමක හා ලකුණු 25ක විශිෂ්ඨ ජයග්‍රහනයක් හිමි කර දෙමින්.

තරගයේ තෙවැනි දිනය වූ අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 7ක් දැවී ලකුණු 294ක් ලබා සිටියා.

ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 365ක් ලබා ගත්තේ රිෂාබ් පාන්ට්ගේ ශතකයෙන්(101) සහ වොෂින්ටන් සුන්දර් නොදැවී රැස් කළ ලකුණු 96න් සවිමත් වෙමින්.

ඉන්දීය ඉනිමේ පළමු කඩුලු 6 ලකුණු 146ක්ව තිබියදී බිද වැටුණු නමුත්, රිෂාබ් පාන්ට් සහ වොෂින්ටන් සුන්දර් අතර 7 වැනි කඩුල්ල සදහා ලකුණු 113ක සබදතාවයක් ද, වොෂින්ටන් සුන්දර් සහ අක්සාර් පටෙල් අතර 8 වන කඩුල්ල සදහා ලකුණු 106ක සබදතාවයක් ද ගොඩ නැගුණා.

පන්දු යැවීමේ දී බෙන් ස්ටොක්ස් කඩුලු 4ක් සහ ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 3ක් බිද හෙලුවා.

අනතුරුව ඉනිමක පරාජයෙන් ගැළවීම සදහා පිටියට පිවිසි එංගලන්තයට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 135ක් පමණයි.

ඩෑන් ලෝරන්ස් ලකුණු 50ක් ලබා ගත් අතර, ජෝ රූට් ලකුණු 30කට දැවී ගියා.

පන්දු යැවීමේ දී අක්සාර් පටෙල් සහ රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 5 බැගින් බිද හෙලුවා.

අහ්මදාබාද්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහරදුන් එංගන්තයට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 205ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...