ඉන්දියාව ලකුණු 181ක් පිටුපසින් – Day 1 Report

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද(4) නිමා වුණේ වැඩි ගෞරව ඉන්දියාව වෙත හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව එක් කඩුල්ලක් දැවී ලකුණු 24ක් ලබා සිටි අතර, රෝහිට් ෂර්මා ලකුණු 8ක් සහ චෙටස්වර් පුජාර ලකුණු 15ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා.

ෂුබ්මන් ගිල් ඉනිමේ තෙවැනි පන්දුවෙන්ම ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට ජේම්ස් ඇන්ඩර්සන් සමත් වුණා.

අහ්මදාබාද්හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහරදුන් එංගන්තයට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 205ක් පමණයි.

බෙන් ස්ටොක්ස් ලකුණු 55ක්, ඩෑන් ලෝරන්ස් ලකුණු 46ක් සහ ඔලී පෝප් ලකුණු 29ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නැවතත් සුපිරි පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ අක්සාර් පටෙල් කඩුුලු 4ක් සහ රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 3ක් බිද හෙලුවා.

ඒ අනුව ඉන්දියාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 181ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...