මෙවර පාකිස්තාන සුපර් ලීගයත් අතරමගදී කල් දැමේ

Date:

මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය ද කල් දැමීමට අද(4) තීරණය කෙරුණා.

ඒ, තරගාවලිය අතරතුර දී ක්‍රීඩකයින් ඇතුළු 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

තරගාවලි සංවිධායකයින්, කණ්ඩායම් හිමිකරුවන් හා කළමණාකරුවන් අතර අද පැවැති රැස්වීමකින් පසුව තරගාවලිය කල් දැමීමට තීරණය කළ බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

මෙම රැස්වීම කැදවා තිබුණේ ඊයේ දිනයේ දී ද තවත් තිදෙනෙකුට කොරෝනා වෛසය ආසාදනය වී ඇති බවට අණාවරණය වීම හේතුවෙන්.

ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් පිතිකරු ටොම් බැන්ටන් සහ කරච්චි කිංග්ස් පන්දු රැකීමේ පුහුණුකරු කම්රන් කාන් ද එලෙස වෛරසය ආසාදනය වූවන් අතර වනවා.

මෙවර තරගාවලිය යටතේ තරග 34ක් පැවැත්වීමට නියමිතව ඇති නමුත්, මෙතෙක් පවත්වා ඇත්තේ තරග 14ක් පමණයි.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ කණ්ඩායම් හයේ සියලු සාමාජිකයින් සදහා නැවත පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීම මෙන්ම එන්නත් ලබා දීම වැනි පියවර ගැනීම සදහා මේ වන විට කටයුතු කරමින් සිටින බවයි.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ පසුගිය තරග වාරය ද (2020) කොරෝනා වංසගතය හේතුවෙන් අතරමගදී කල් දැමුණු අතර, අවසන් වටයේ තරග පසුගිය නොවැම්බර් මාසයේ දී යි පැවැත්වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...